උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ නියෝගය දෙසැම්බර් 14ට කල් යයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීම දෙසැම්බර් 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

නාමල් රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ නියෝගය කල් යයි

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර තම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දී තිබේ.

නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම අද (25) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button