උණුසුම් පුවත්

ජොන්ස්ටන් ප්‍රනාන්දුට සුඛෝපභෝගී වාහන නඩුවෙන් දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා තුනකට අදාළව අධිකරණයෙන් තීන්දුවක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් එම තීන්දුවට අනුව හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා තුන සඳහා දඩ මුදල් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇත.

ඒ අනුව පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් මාසයක සිරදඬුවමක් ලබාදීමට නියෝග කර තිබේ.

දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහක කාලයක් සඳහා අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

තෙවැනි චෝදනාව වෙනුවෙන් රුපියල් 25,000ක දඩ මුදලක් නියම කර තිබේ. එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් විඳීමට සිදුවන බව ද තීන්දුවේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button