උණුසුම් පුවත්

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්: දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නිවේදන

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යටතේ මහනුවර සහ කෑගල්ල ප්‍රදේශ රැසකට අදියර 1 සහ 2 නිවේදන

එම සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම නිවේදනය අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වීමට නියමිතය.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.

අදියර 2 – අවධානයෙන් සිටින්න (තැඹිලි වර්ණය)

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • බුලත්කොහුපිටිය
  • කෑගල්ල
  • ගලිගමුව
  • යටියන්තොට
  • මාවනැල්ල
  • රඹුක්කන

අදියර 1 – විමසිලිමත් වන්න (කහ වර්ණය)

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • රුවන්වැල්ල
  • අරණායක

මහනුවර දිස්ත්‍රික්කය:

  • යටිනුවර

පවතින වර්ෂාපතනය හේතුවෙන් නායයෑම්, කඳු බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව බලධාරීහු පෙන්වා දෙති.

ඒ අනුව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳුකර ප්‍රදේශ සහ නායයෑම් අවදානම් සහිත ස්ථානවල පදිංචි ජනතාව විශේෂ අවධානයකින් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද බලධාරීන් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button