
2027 පාසල් පාවහන් තිළිණපත් ලබාදීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරයි
2027 පාසල් පාවහන් තිළිණපත් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් නිල දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව, 2027 වර්ෂය වෙනුවෙන් තෝරාගත් පාසල් සිසුන්ට මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි හා පැවිදි සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාගැනීම සඳහා මෙම තිළිණපත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2027 පාසල් පාවහන් තිළිණපත් පළාත් අනුව ලබාදෙන ආකාරය සහ අදාළ කාලසීමා ප්‍රකාශයට පත් කරයි
දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රමවේද දෙකක් යටතේ පාවහන් ලබාදීමට සැලසුම් කර ඇති බව දැනුම්දී තිබේ.
විවෘත වෙළෙඳපොළෙන් පාවහන් මිලදී ගැනීම
මධ්‍යම, උතුරු, උතුරු මැද සහ ඌව යන පළාත් හතරේ තෝරාගත් පාසල් සිසුන්ට හිමිවන තිළිණපත් භාවිත කර විවෘත වෙළෙඳපොළෙන් තමන්ට අවශ්‍ය පාවහන් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.
පාසල් වෙතම පාවහන් සැපයීම
බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් පහේ සිසුන් සඳහා දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් අදාළ පාසල් වෙත පැමිණ පාවහන් ලබාදීමට කටයුතු යොදා තිබේ.
මේ අතර, වැඩසටහනට අදාළ පාවහන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ තිළිණපත් පරිලෝකනය කිරීමේ කාලසීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026 නොවැම්බර් 03 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා සිදුකෙරේ.
එසේම, තිළිණපත් පරීක්ෂා කිරීම සඳහා සිදුකරන පරිලෝකන (Scanning) කටයුතු 2026 නොවැම්බර් 10 වනදා ආරම්භ කර දෙසැම්බර් 20 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.


