
උණුසුම් පුවත්
STF ජීප් රථයක් දුම්රියේ ගැටී නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට
STF ජීප් රථයක් දුම්රියේ ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ වැලිගම, මිදිගම ප්රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදීය.
එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටි ජීප් රථය දුම්රියක ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනා වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.



