කාලගුණය

මි.මී. 75 ඉක්මවූ වැසි: දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බැවින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මි.මී. 75 ඉක්මවූ වැසි සමඟ අකුණු සහ තද සුළං අවදානමක්

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු පළාතේ මෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලටත්, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් ඒවායින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අමතරව ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button