
ප්‍රධාන පුවත්
GovPay හරහා දඩ ගෙවූ පිරිස 2025දී 40,000 ඉක්මවයි
2025 වසරේ රියදුරන් 40,000කට වැඩි පිරිසක් රථ වාහන වැරදි සඳහා දඩ ගෙවීමට හඳුන්වා දුන් “GovPay” යෙදවුම භාවිත කරමින් ගෙවීම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව රියදුරන් 46,635 දෙනෙකු මෙලෙස දඩ ගෙවීම් “GovPay” යෙදවුම හරහා සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
තවද මේ වසරේ ජනවාරි 01 වනදා සිට 24 වනදා දක්වා කාලයේදී රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 11,715 දෙනෙකු “GovPay” යෙදවුම හරහා දඩ මුදල් ගෙවා තිබේ.
ඉන් වැඩිම දඩ ප්‍රමානයක් අයකරගෙන ඇත්තේ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.



