යුද්ධ සහ ගැටුම්

ඉරානයට යළි ප්‍රහාර එල්ල නොවන බවට සහතිකයක් ඉල්ලයි

 

ඉරානයට යළි ප්‍රහාර එල්ල නොවන බවට ස්ථිර සහතිකයක් ලබා නොදෙන්නේ නම් අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට සූදානම් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.

ඉරානයට යළි ප්‍රහාර එල්ල නොවන බවට ස්ථිර සහතිකයක් අවශ්‍ය බව අබ්බාස් අරාග්චි අවධාරණය කරයි.

විදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමඟ එකඟතාවකට පැමිණීමට ඉරානය සූදානම් නොමැති බවය.

දෙරට අතර ඇති කරගන්නා ඕනෑම ගිවිසුමක් මඟින් ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකරන ප්‍රහාර යළිත් එල්ල නොවන බවට ස්ථිර සහතිකයක් හිමිවිය යුතු බවද ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඒ අනුව, ඉදිරියේදී අමෙරිකාව සමඟ කිසියම් එකඟතාවකට එළැඹීමේදී එවැනි ප්‍රහාර නැවත සිදු නොවන බවට ලබාදෙන සහතිකය ඉරානයේ ප්‍රධාන කොන්දේසියක් බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button