කාලගුණය

අද දින කාලගුණයේ ප්‍රබල වෙනසක් – පළාත් රැසකට වැසි සහ මීදුම්

 

අද දින කාලගුණයේ ප්‍රබල වෙනසක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

අද දින කාලගුණයේ ප්‍රබල වෙනස සමඟ පළාත් රැසකට වැසි සහ මීදුම්

අද (15) උදෑසන වන විට මෙම අඩු පීඩන කලාපය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතින බවද දැනුම් දී තිබේ.

මෙම පද්ධතියේ බලපෑම මත අද දිනයේදී දිවයින පුරා අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button