
ව්‍යාපාරික
අද රන් මිල රු 12,000කින් ඉහළට
අද දින මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබේ ඒ ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟයි.
ඊයේ (02) මෙරට රුපියල් 368,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද දිනය වනවිට රුපියල් 380,000ක් ලෙස සඳහන් වෙයි.
මේ අතර, ඊයේ (2) දින රුපියල් 338,000ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 349,000 ක් ලෙස සඳහන් වෙයි.
ඒ අනූව ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දින නැවත ඩොලර් 130කින් ඉහළ ගොස් ඇත.
ඒ අතර අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,816ක් ලෙස දැක්වුණි.



