ප්‍රධාන පුවත්

කස්සප හිමි ඇතුළු 7ක් නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ්

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

අනුරාධපුර රුවන්වැලි සෑය ආසන්නයේ අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරත වූ පිරිසක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ අනුව, අදාළ සැකකරුවන් නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 

රක්ෂිත බන්ධනාගාරගත කළ හත්දෙනා අතර කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තුන්නමක් සිටින බව පොලිසිය සඳහන් කරයි.

 

එම සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. එමෙන්ම ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ලෙසද නියම කර තිබේ.

 

රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව කස්සප හිමි ඇතුළු මෙම පිරිස ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button