
පළාත් 5කට මි.මී. 100 ඉක්මවූ තද වැසි – අද කාලගුණ අනාවැකිය
පළාත් 5කට අදත් මි.මී. 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පළාත් 5කට මි.මී. 100 ඉක්මවූ තද වැසි සමඟ අකුණු සහ තද සුළං අවදානමක්
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.



