අධ්‍යාපන

සා.පෙළ 2025 ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අපේක්ෂකයින්ට සිය ප්‍රතිඵල doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස පරීක්ෂා කළ හැකි බවය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිට ඇති අතර, විභාග මධ්‍යස්ථාන 3,547කදී විභාගය පැවැත්වූ බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි 25 වැනිදා සිට ජූලි 07 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව ද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button