
Business
රන් පවුමේ මිල රු. 12,000කින් පහළට
ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුම් මිලද අඩු වී තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (02) දිනය වනවිට කැරට් 24 රන් පවුමක් රුපියල් 368,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 338,600ක් ලෙසත් වාර්තා වේ.
මේ අතර ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 4,687 සීමාවේ පවතින අතර, එය පසුගිය සිකුරාදාට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් 200කින් අඩු වීමක් බව ද සඳහන් වේ.



