
අද විශේෂ
රැඳවියන් 49කට ජනපති සමාව
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
ඒ අනුව රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇත.
එමෙන්ම බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



