ප්‍රධාන පුවත්

සිමෙන්ති මිල ඉහළට: කොට්ටයක මිල රු. 100කින් වැඩි වෙයි

සිමෙන්ති මිල ඉහළට: කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.

සිමෙන්ති මිල ඉහළට – කිලෝග්‍රෑම් 50ක කොට්ටයක නව මිල රු. 2,350 දක්වා ඉහළට

ඒ අනුව මෙතෙක් රුපියල් 2,100ත් 2,250ත් අතර මිලකට අලෙවි වූ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,200ත් 2,350ත් අතර පරාසයකට ඉහළ ගොස් ඇත.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව අදාළ නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

මෙම මිල වැඩිවීමත් සමඟ ඉදිකිරීම් කටයුතු සඳහා සිමෙන්ති මිලදී ගන්නා පාරිභෝගිකයන්ට අමතර වියදමක් දැරීමට සිදුවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button