අද විශේෂ

රැඳවියන් 49කට ජනපති සමාව

 

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන්  සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව  ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය. 

ඒ අනුව රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන්  බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇත.

එමෙන්ම බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button