
මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්
මි.මී. 75 ඉක්මවූ තද වැසි හෙට (03) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම දෙපාර්තමේන්තුව අද (02) පස්වරු 2.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
මීට අමතරව දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් එමඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



