ප්‍රධාන පුවත්

වවුනියාවේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කේරළ ගංජා සමඟ අත්අඩංගුවට

නීනීතිය සුරැකීමට බැඳී ඇති නිලධාරීන් දෙදෙනෙකු විසින් තම නිලය හෑල්ලුවට ලක්කර ගැනීමේ සිද්ධියක් වවුනියාව   ඊරට්ටපෙරියකුලම පොපොලිස් වසමෙන් අසන්නට ලැබේ. 

 

වවුනියාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව ඊරට්ටපෙරියකුලම පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් වවුනියාව පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් බවත්, ලැබුණු විශේෂ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අල්ලාගත් බවත් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ සොයාගත් ගංජා තොගය පසුව ඊරට්ටපෙරියකුලම පොලීසිය වෙත භාරදී ඇති අතර, ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button