
දුම්බර බන්ධනාගාරයේ රැඳවියා වෙඩි වැදී මියයයි – සිද්ධියේ තොරතුරු හෙළිවෙයි
දුම්බර බන්ධනාගාරයේ රැඳවියා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.
දුම්බර බන්ධනාගාරයේ රැඳවියා මියයාමට හේතු වූ සිදුවීම ගැන අනාවරණයක්
මහනුවර පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඊයේ (01) රාත්‍රී 8.00ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර මියගොස් ඇත්තේ මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කර ඇත්තේ අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකු සතු ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත ඔහු සතියක පමණ කාලයක සිට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවද වාර්තා වේ.
වෙඩි වැදීමෙන් මියගිය රැඳවියාගේ සිරුර ඊයේ රාත්‍රියේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ. ඒ සමඟ ඔහුගේ පවුලේ ඥාතීන්ද රෝහලට පැමිණ ඇති බව සඳහන් වේ.
මියගිය පුද්ගලයා මීට මාස හයකට පමණ පෙර විවාහ වී ඇති අතර ඔහුගේ බිරිඳ මේ වන විට මාස දෙකක ගැබිනියක් බවද වැඩිදුරටත් වාර්තා වේ.



