ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන විස්සයි20 තරගය අද පල්ලේකැලේදී

එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද (01) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම නායකත්වය භාර ගන්නේ හැරී බෘෘක් වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරයි.

දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් ඩක්වත්–ලුවිස් න්‍යායට අනුව තීරණය කර ඇති අතර, එම තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම විස්සයි20 තරගාවලියේදී එංගලන්තය තරග 1–0ක් ලෙස පෙරමුණේ පවතී.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගන්නා අවස්ථාවක, එය වසර 12කට පසු එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන පළමු විස්සයි20 තරග ජයග්‍රහණය බවට පත්වනු ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විස්සයි20 තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේදීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button