
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ නඩුවේ විභාගය නොවැම්බර් 23
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ නඩුවේ විභාගය නොවැම්බර් 23
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව නොවැම්බර් 23 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ නඩුවේ විභාගය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි
අදාළ නඩුවට සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
නිසි සුදුසුකම් සපුරා නොතිබූ අවස්ථාවක යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතා නම් කර ඇති අතර, නඩු විභාගය නොවැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතය.



