
අපනයන ආදායම මාස 9ට ඩොලර් බිලියන 13.6 ඉක්මවයි
අපනයන ආදායම 2026 වසරේ මුල් මාස නවය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
අපනයන ආදායම ඉහළට – සැප්තැම්බර් මාසයේ වාර්තාගත වර්ධනයක්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක ආදායමක් උපයාගෙන ඇති අතර, සේවා අපනයනයෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,850කි.
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මාසික සමස්ත අපනයන ආදායම ඉතිහාසයේ ඉහළම අගය වන අමෙරිකානු ඩොලර් මිලියන 1,691 දක්වා වර්ධනය වී තිබේ. එය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ආදායමට සාපේක්ෂව සියයට 17.2ක ඉහළ යෑමකි.
එම මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 1,385ක් උපයාගෙන ඇති අතර, එය පෙර වසරේ සැප්තැම්බර් මාසයට වඩා සියයට 21.6ක වර්ධනයක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 306කි.
අපනයන ආදායම ගෙනදෙන අපනයන අකුවන්ට මැදපෙරදිග අර්බුදයෙන් බලපෑම්
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට අපනයනකරුවන්ට තවදුරටත් විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ද මංගල විජේසිංහ මහතා පැවසීය.
ප්‍රවාහන හා රක්ෂණ වියදම් ඉහළ යෑම මෙන්ම කලාපීය රටවල අපනයන කටයුතුවලට අදාළ ගැටලු ද මෙම තත්ත්වයට බලපා තිබේ. එවැනි බාධක පැවතියද මෙරට අපනයනකරුවන් අඛණ්ඩව කටයුතු කරමින් ජාතික අපනයන ක්ෂේත්රයේ වර්ධනයට ලබාදෙන දායකත්වය අගය කරන බව ද ඔහු සඳහන් කළේය.
සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඉහළ අපනයන ආදායම රටේ අපනයන ක්ෂේත්රය තුළ දක්නට ලැබෙන ධනාත්මක ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි බව සභාපතිවරයාගේ අදහසයි. ඉදිරි මාසවලදී ද එම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, 2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවා ගෙන යෑම ඉලක්ක කර ඇති බව ද මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.



