
නවුෆර් මවුලවිට සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් නියම වෙයි
නවුෆර් මවුලවිට සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් නියම වෙයි
නවුෆර් මවුලවිට සහ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික්ට වසර 12 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබේ.
නවුෆර් මවුලවිට සහ සාදික්ට වසර 12ක සිරදඬුවම් නියම කළ නඩුවේ තීන්දුව
2018 වසරේ වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ඩෙටනේටර් ඇතුළු ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණි.
අදාළ නඩුවේ අධි චෝදනා පත්‍රයට ඇතුළත් පළමු, දෙවන, අටවන සහ නවවන චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් සහ නවුෆර් මවුලවි යන දෙදෙනා වරදකරුවන් බවට පත්කර තිබේ.
ඒ අනුව එම චෝදනා හතර සම්බන්ධයෙන් ඔවුන්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
විත්තිකරුවන් දෙදෙනාට නියම වූ සිරදඬුවම්වල සමස්ත කාලය වසර 48ක් වන අතර, එම දඬුවම් වසර 12ක කාලයක් තුළ ගෙවී අවසන් වන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙම තීන්දුව ලබාදී ඇත්තේ වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළවය.



