ප්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

 

මෙම අනතුරු ඇඟවීම් අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කරයි.

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඊට ඇතුළත් වේ.

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ද විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button