ප්‍රධාන පුවත්

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර තිබේ.

 

ජලාශයේ වාන් දොරටු 30 අතරින් විවෘත කර ඇති දොරටු හරහා තත්පරයකට ඝන අඩි 7,884ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදාහැරෙන බව සඳහන් වේ.

 

ඉහළ කොත්මලේ ජලාශයේත් වාන් දොරටුවක් විවෘතයි

 

මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වැසි ඇදහැලීම හේතුවෙන් එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.

 

ඊයේ දිනයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අද (22) අලුයම වනතුරු වාන් දොරටු දෙකක් විවෘතව තිබී ඇත. ඉන් එක් දොරටුවක් අද අලුයම ස්වයංක්‍රීයව වැසී ගොස් තිබේ.

 

තවදුරටත් ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

 

ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශය භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button