ප්‍රධාන පුවත්

ආරක්ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදා මූලස්ථානයට

ආරක්ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් මෙහෙයුම් සහ ඉදිරි සැලසුම් පිළිබඳව තොරතුරු විමසා තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පසුගියදා මෙම සංචාරයට එක්වූ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතා විසින් ඔහු පිළිගනු ලැබීය.

සංචාරයේදී යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා, හමුදාවේ වත්මන් මෙහෙයුම් කටයුතු, ඉදිරි ක්‍රියාමාර්ග සහ යුද හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කරුණු සොයා බැලීය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් හමුදා සාමාජිකයන්ගේ කැපවීම අගයයි

අනතුරුව යුද හමුදා මූලස්ථානයේ නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ අරුණ ජයසේකර මහතා, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක් කළේය.

එම කටයුතු සඳහා ඔවුන් දක්වන කැපවීම, වෘත්තීයභාවය සහ සේවය ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

මීට අමතරව, යුද හමුදා මූලස්ථානයේ සේවය කරන සෙසු නිලයන් සහ සිවිල් සේවක සේවිකාවන් පිරිසක් ද හමුවූ ඒ මහතා, ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් විවිධ අංශවල කාර්ය මණ්ඩලය ලබාදෙන දායකත්වය අගය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button