අද විශේෂඋණුසුම් පුවත්ව්‍යාපාරික

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් ගබඩා කළ ස්ථානයක් හෙළිවෙයි

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයෙන් සොයාගෙන තිබේ.

ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයට ලද තොරතුරක් අනුව නිලධාරීන් විසින් මෙම ස්ථානය සොයාගත් බව සඳහන් වේ.

මෙහිදී ඇල්ලීමට තහනම් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටු පොකිරිස්සන් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙවැනි කුඩා ප්‍රමාණයේ සහ බිත්තර දමන කටු පොකිරිස්සන් ධීවරයින් විසින් අස්වනු ලෙස නෙළීමෙන්, සාගරය තුළ පොකිරිස්සන් බෝවීම විශාල ලෙස අඩුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධාරණය කරයි.

ඒ අනුව මෙම ජාවාරමේ නිරත වූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button