
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහය සිව්වන දිනටත්
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහය අඛණ්ඩව
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (19) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.
පසුගිය 16 වැනිදා පස්වරුවේ විහාරමහා දේවී උද්‍යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. එදින සත්‍යග්‍රහය සඳහා අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
මේ අතර, පසුගිය 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කර තිබුණි. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබේ.
එම සාකච්ඡාව අසාර්ථක වූ බව පවසමින් සිය ඉල්ලීම් සඳහා විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවී උද්‍යානයේ රැඳී සිටීමට තීරණය කළ බව භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් සඳහන් කර ඇත.



