ප්‍රධාන පුවත්

ශ්‍රීලන්කන් සෞදි ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි

ශ්‍රීලන්කන් සෞදි ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සෞදි අරාබියේ රියාද් සහ දම්මාම් නගර වෙත ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් එදින දක්වා අත්හිටුවනු ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ගුවන් සේවය නිවේදනය කර ඇත.

මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු ආරක්ෂිත තත්ත්වයක් පවතින බව තහවුරු කරගත් පසුව පමණක් අදාළ ගුවන් ගමන් යළි ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 දුරකථන අංකය ඇමතිය හැකිය. විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකය ඔස්සේ හෝ WhatsApp හරහා +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button