සෞඛ්‍යය

සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති එකඟතාවයකට

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සියලු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) දින පැවැත්විණි.

 

මෙම සාකච්ඡාවට වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, හෙද සේවකයින්, අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලුම ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති රැසක නියෝජිතයින් සහභාගී වූහ.

 

සෞඛ්‍ය සේවාවට සහ සෞඛ්‍ය සේවකයින්ට අදාල පොදු ගැටලු මතු වන අවස්ථාවලදී, සේවා ශ්‍රේණි අතර වෙනසකින් තොරව එකම කණ්ඩායමක් ලෙස එකතු වී ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට එහිදී එකඟතාවයට පැමිණ තිබේ.

 

ඒ අනුව, අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු, රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම සහ යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය යන කරුණු සම්බන්ධයෙන් සියලු සමිති පොදු එකමුතුවකින් හා පුළුල් සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

 

එමෙන්ම, එක් එක් සේවා කාණ්ඩයන්ට විශේෂ වූ ගැටලු සම්බන්ධයෙන් වෙන් වෙන්ව එම ගැටලු වෙනුවෙන් පෙනී සිටීමටත්, ඒ සඳහා වෙන වෙනම වෘත්තීය සටන් ක්‍රියාමාර්ග ගන්නා බවටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළ කර තිබේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button