
අදත් පස්වරුවේ තද වැසි ඇතිවීමේ අවදානමක්
අදත් පස්වරුවේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව පස්වරු 1.00න් පසුව ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මේ අතර, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



