ප්‍රධාන පුවත්

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවට තහනම් නියෝගයක්

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

රදඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව විභාග වන තවත් අල්ලස් නඩුවක ඉදිරි කටයුතු සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණයේ අංක 11 අධිකරණයේ විභාග වන අදාළ නඩුව සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අදාළ අතුරු තහනම් නියෝගය ලබාදී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button