
ප්‍රධාන පුවත්
දිවයිනටම ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
දිවයිනේ සියලුම පළාත්වලට බලපාන පරිදි ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (14) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය පෙරවරු 01.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද හටගත හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



