
සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන රජයෙන් තීරණයක්
සිරගත වන හිමිවරුන්ගේ චීවරය සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම අදාළ නිකාය වෙත පැවරිය යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති වුවහොත් අදාළ හිමිවරුන් අයත් නිකාය වෙත ඒ පිළිබඳව දැනුම්දීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හරහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා සිව්නමගේ උපදෙස් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“බන්ධනාගාරගත වන ගරු ස්වාමීන්වහන්සේලා සඳහා චීවරය දරාගෙන ඉන්න ඕනේද නැද්ද කියන එක පිළිබඳව තීන්දු කිරීම බන්ධනාගාර අධිකාරිය විසින් නොවෙයි ඒ ස්වාමීන්වහස්සේ අදාළ නිකාය විසින් තීන්දු කළ යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා ඒ අනුව එවැනි දෙයක් සිදුවුණාට පස්සේ අදාළ නිකායට දැනුම්දීලා බෞද්ධ කටයුතු කොමසාරිස් හරහා අවශ්‍ය කරන උපදෙස් ඒ ත්‍රෙනිකායික මහානායක ස්වාමින්වහන්සේලා සිව්නමගෙන් ලබා ගැනීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.”



