ප්‍රධාන පුවත්

ගෝඨාභය රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button