
ප්රධාන පුවත්
තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසමෙන් තීරණයක්
හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධ මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙනි.
නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් තිලිණ ගමගේ මහතාට එරෙහිව එල්ල වී තිබුණි.
එම චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මීට පෙර ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.



