
ප්‍රධාන පුවත්
කතානායකට එරෙහි විශ්වාසභංගයට විපක්ෂයෙන් අත්සන් තැබීම ඇරඹේ
කතානායකට එරෙහි විශ්වාසභංගය
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීම අද (08) ආරම්භ කර තිබේ.
මෙම අත්සන් තැබීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී තිබේ.



