
ප්රධාන පුවත්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා ප්රදීප් කාරියවසම් අත්අඩංගුවට
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රදීප් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.
එම විමර්ශනයට අදාළව අද (07) පෙරවරුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියද කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි සිය නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අල්ලස් කොමිසම සඳහන් කළේ, පැය දෙකකට ආසන්න කාලයක් ඇයගෙන් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.



