
ඥානසාර හිමිට ජම්පරය ලබාදෙයි
ඥානසාර හිමිට ජම්පරය අද (05) පස්වරුවේ ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද බන්ධනාගාරගත කෙරිණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එහිදී සිරකරුවන් සඳහා නියම කර ඇති ඇඳුම වන ජම්පරය උන්වහන්සේට ලබාදී ඇති බවයි.
ඒ අනුව ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අදාළ බන්ධනාගාර ඇඳුමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කර ඇත.



