කාලගුණය

මධ්‍යම කඳුකරයේ වැසි තද වෙයි

මධ්‍යම කඳුකරයේ වැසි තද වෙමින් පවතින අතර, බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

පවතින තද වැසි සමඟ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button