
කාලගුණය
අදත් පළාත් රැසකට තද වැසි – ඔක්තෝබර් 04 කාලගුණ අනාවැකිය
2026 ඔක්තෝබර් මස 04 දින උදෑසන 05.30ට නිකුත් කළ ඔක්තෝබර් 04 කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං මෙන්ම අකුණු ඇතිවිය හැකි බැවින්, එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.



