ප්‍රධාන පුවත්

SDIG රන්මල්ගේ ස්ථාන මාරුව අවලංගුයි

SDIG රන්මල්ගේ ස්ථාන මාරුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට ලබාදීමට යෝජිතව තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව රන්මල් කොඩිතුවක්කු මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකෙරෙනු ඇත.

අදාළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය අද (01) පැවති කොමිෂන් සභා රැස්වීමේදී සලකා බලා තිබේ.

එහිදී එම ස්ථාන මාරු යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු නිලධාරීන්ගේ ස්ථාන මාරුද ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button