ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට විවෘත වරෙන්තුව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමිට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, ඥානසාර හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

එම විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

තවද, නිකුත් කළ විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button