සෞඛ්‍යය

✔️වට්ටක්කඋයලා ඇට ටික කුනුකුඩෙට දානවද?

දන්නවද කුස්සියේ වට්ටක්කා උයන හැම වෙලාවෙම අපි කරන ලොකුම අපරාදේ මොකක්ද කියලා ? වට්ටක්කා ගෙඩියේ මැද තියෙන “ඇට සහ මද” ටික හැන්දෙන් සූරලා කුණු බාල්දියට දාන එක. මේක කියෙව්වම ඔබට “අපරාදේ මං මෙච්චර කල් විසි කළේ” කියලා හිතෙයි.

 

විසි කරන ඇටේ ඇතුලේ තියෙන “ලක්ෂ ගණනක් වටින රහස: 

 

ඇත්තටම මේ පුංචි ඇට ඇතුලේ තියෙන්නේ පුදුම බලයක්. පෝෂණ විද්‍යාඥයින් මේවා හඳුන්වන්නේ “ස්වභාවික මැග්නීසියම් පෙත්ත” (Natural Magnesium Pill) කියලයි.

 

ප්‍රෙෂර් එකට දිව්‍ය ඔසුවක්: අපේ රටේ ගොඩක් අයට තියෙන අධි රුධිර පීඩනයට (High Blood Pressure) ප්‍රධානම හේතුවක් තමයි ශරීරයේ මැග්නීසියම් ඌනතාවය. වට්ටක්කා ඇට වල අඩංගු අධික මැග්නීසියම් ප්‍රමාණය මගින්, තද වී ඇති රුධිර නාල ලිහිල් කර (Relax), ලේ ගමනාගමනය පහසු කරවනවා. මේක හරියටම ඉංග්‍රීසි ප්‍රෙෂර් පෙත්තකින් කරන වැඩේට සමානයි.

 

සීනි සහ කොලෙස්ටරෝල් පාලනය: මෙහි ඇති සෞඛ්‍ය සම්පන්න මේදය (Healthy Fats) සහ තන්තු මගින් රුධිරයේ සීනි මට්ටම සහ නරක කොලෙස්ටරෝල් පාලනය කරන්න ලොකු සහයක් දෙනවා.

 

ආයේ කවදාවත් විසි කරන්න එපා.

 

නිකන් ඉන්න වෙලාවට කඩල වගේ කන්න පුළුවන් රසම රස “ස්නැක්” එකක් මේක.

කන්න ඕනේ කොහොමද? 

ඇට ටික හොඳට හෝදලා, අව්වේ වේලගන්න.

 

පස්සේ ලුණු චුට්ටක්, ගම්මිරිස් ටිකක් දාලා තාච්චියේ බැදගන්න (Roast).

ලක්ෂ ගණන් දීලා ෆාමසියෙන් බෙහෙත් ගන්න කලින් මේ නොමිලේ ලැබෙන ස්වභාවික ඖෂධය පාවිච්චියට ගන්න. මේ රහස හැමෝටම දැනගන්න Share කරන්න. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button