ප්‍රධාන පුවත්

දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ගැන අනතුරු ඇඟවීමක්

දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමවේද වර්ධනය වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි.

දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පළකරන ඇතැම් ඡායාරූප සහ වීඩියෝ විවිධ පුද්ගලයන් හා ආයතන විසින් වාණිජ අරමුණු සඳහා භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ Vlog සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීම ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි අවදානමක් ඇති කළ හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි.

අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීම සඳහා භාවිත කිරීමේ අවදානමක්ද පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත්ව හා වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button