ප්‍රධාන පුවත්

වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 සිට

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වනදා සිට අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර ඇති බවයි.

දෙවන අදියර යටතේ ද අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත සමස්ත මුදල රුපියල් මිලියන 3,479.07කි.

අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් 01 වනදා සිට සිය වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button