
ප්‍රධාන පුවත්
මාස තුනකට ඉන්ධන සහනාධාරයක් – යෝජනාව හෙට කැබිනට්ටුවට
ඉන්ධන සහනාධාරය සඳහා රුපියල් කෝටි 4100ක්
ඉන්ධන සහනාධාරය ඉදිරි මාස තුන සඳහා ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මෙම සහනාධාර වැඩසටහන සඳහා රුපියල් කෝටි 4100ක මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



