ප්‍රධාන පුවත්

නව මහාධිකරණ විනිසුරුවරු දිවුරුම් දෙති

නව මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු ඊයේ (25) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අදාළ දිවුරුම් දීම අගවිනිසුරු නිල මැදිරියේදී සිදුකර ඇති අතර, මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ විනිසුරුවරු තිදෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇත.

ඒ අනුව පී. සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන විනිසුරුවරු අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මෙම අවස්ථාව සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතා ද සහභාගී වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button