
ප්‍රධාන පුවත්
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්වේ
තියුණු ආයුධයක් භාවිතා කර පුද්ගලයෙකු විසින් කාන්තාවක් ඝාතනය කළ සිද්ධියක් වාර්තා වේ.
මෙම සිද්ධිය ඊයේ (28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී සිදුව ඇති අතර, සිද්ධියෙන් අනතුරුව සැකකරු තම ගෙළ කපාගෙන තුවාල කරගත් බව පොලීසිය සඳහන් කරයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 40ක් වන අතර ඇය රදලියද්ද, බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හෙළිවී ඇත.
මරණකාරිය සහ සැකකරු අතර පවතින අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව, මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.
තුවාල ලබා ඇති සැකකරු මේ වනවිට පොලීස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය කියා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.



